එම්.කේ.ශිවාජිලිංගම්ට ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් කැදවීමක්
පසුගිය මැයි මාසයේ යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සැමරුමේ සැමරුම් සතිය නමැති වැඩසටහනක් පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට තමන්ට ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත කැදවීමක් සිදුකොට ඇති උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා පවසයි.
ශිවාජිලිංගම් මහතා පැවසුවේ හෙට(27) දිනයේ තමන්ට කොළඹ පිහිටි ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත පැමිණෙන ලෙසට දැනුම්දී ඇති බවයි.
අවසන් යුධ සමයේ මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේදි ජිවිතක්ෂයට පත්වු දෙමළ ජනතාව සැමරීමේ ජන සංහාර සැමරුම් සතිය නමැති සැමරුම් වැඩසටහනක් පසුගිය මැයි මස 12 වැනිදා සිට සතියක කාලයක් පැවැත්විණ.
සිද්ධිය සම්බන්ධයෙන් ශිවාජිලිංගම් මහතාගෙන් විමසීමේදී හෙතෙම පැවසුවේ තමන් ඇතුළු උතුරේ දෙමළ ජනතාව යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සිහි කිරීමේ වැඩසටහනක් පමණක් පැවැත්වු බවයි.
යුද්ධයෙන් මියගිය සහෝදර ජනතාව සිහි කිරීම වැරද්දක් නොවන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
වවුනියාව – මාධව කුලසූරිය
