අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට
2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (27) නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ප්‍රථමයෙන් විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ප්‍රතිඵල මුදාහැරීමට අපේක්ෂා කරන බව එම දෙපාර්මේන්තුව සදහන් කරයි.
මෙවර උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි අයැදුම්කරුවන් සංඛ්‍යාව තුන් ලක්ෂ තිස් හත්දාස් හත්සිය හතරකි.
