Update – CIDය විසින් අත්අඩංගුවට ගත් රාජිත සේනාරත්න 30වනදා දක්වා රිමාන්ඩ්
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දෙසැම්බර් 30 වනදා දක්වා රක්ෂිත බන්ධානගාර ගත කර ඇත.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රතිකාර ලබන පෞද්ගලික රෝහල වෙත පැමිණි මෙම නියෝගය ලබා දී ඇත.
රාජිත සේනාරත්න අත්අඩංගුවට
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු නාරහේන්පිට පිහිටි ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
