News

ජීව අත් බෝම්බයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයෙකු පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 37ක් වූ කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පයාගල ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී මරණ තර්ජනය කර රුපියල් 325000ක් වටිනා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑම හා දේපල සොරාගැනීම් කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු වන මෙම සැකකරු අද දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය.

පයාගල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.