එ.ජා.ප. මන්ත්‍රීවරුන් කලුපටි පැළඳ ආණ්ඩු පක්ෂයේ අසුන්ගනී – සභානායක ලෙස දිනේෂ් පාර්ලිමේන්තුව අමතයි
මේ වන විට පාර්ලිමේන්තුවේ සභා ගැබේ කටයුතු සුපුරුදු පරිදි සිදු වේ. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද දින කලු පටි පැළඳ පැමිණීමත්, ආණ්ඩු පක්ෂයට වෙන් කළ ආසන වල අසුන් ගැනීමත් විශේෂත්වයකි.
කෙසේ වෙතත් මේ වන විට සභානායක ලෙස අලුතින් පත් වූ දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුව අමතමින් සිටී.
කතානායකවරයා විසින් ඊයේ දිනයේ දී දැනුම්දුන් පරිදි ම පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00 ට රැස් වුණා. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නොවැම්බර් 16 වැනිදා දක්වා පාර්ලිමේන්තුව කල්තැබීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කර නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුව රැස් කිරීමට අදාළ ගැසට් නිවේදනය ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.