පාර්ලිමේන්තුව හෙටට කල් තබයි
අගමැතිවරයා ප්‍රමුඛ ඇමතිමණ්ඩලයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව ස්ථාවර නියෝග ද අත්හිටුවමින් භාර ගැනීමට කතානායකවරයා කටයුතු කළේය.
ඒ අනුව විශ්වාසභංග යෝජනාව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් සභා ගැබට ඉදිරිපත් කළ අතර විජිත හේරත් මන්ත්‍රීවරයා විසින් එය ස්ථිර කරන ලදී.
ඒ අවස්ථාවේ සභාවේ ඇති වූ ඝෝෂාකාරී තත්ත්වය අනුව කතානායකවරයා ප්‍රකාශ කළේ විශ්වාසභංගයට වැඩි පිරිසක් සහය පල කරන බව පෙනෙන්නට ඇති බවත්, එයට ඡන්ද විමසීමක් පැවැත්වීමට අවශ්‍ය බවත් ය.
කෙසේවෙතත් කතානායකවරයා ප්‍රකාශ කළේ හෙට පෙරවරු 10 තෙක් පාර්ලිමේන්තුව කල් තැබීමට කටයුතු කරන බවයි.
මේ පිළිබද වැඩිදුර විස්තර බලාපොරොත්තු වන්න….