දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී කථානායකට දෙහි කපයි
අද උදෑසන පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව නව සභානායකවරයා වන දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ
කතානායකවරයා අද දින පාර්ලිමේන්තු සම්ප්‍රදායට පයින් ගසමින්, ස්ථාවර නියෝග වලට ද පටහැනිව හිතුවක්කාරීව කටයුතු කළ බවත්, ඔහුගේ අපේක්ෂාව රට අරාජික කිරීම බවත් දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
එතුමා වැඩිදුරටත් පැවසුවේ පාර්ලිමේන්තු පිළිවෙත් සම්ප්‍රදායන් කිසිවක් නොතකමින් කතානායකවරයා විසින් කටයුතු කළ ආකාරය මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස වනු ඇති බවත් ය.
ඔහු මෙම අදහස් ඵල කළේ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති මාධ්‍යහමුවකට එක්වෙමිනි.