News

වරකාපොළ රිය අනතුරකින් ගුවන් හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ගුවන් හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ කන්ටේනර් රථයක් සහ ත්‍රි රෝද රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනියුක්තව සේවය කරනු ලබන හමුදා සමාජිකයින් 4 දෙනෙක් බවට තොරතුරු වාර්තා වේ.

අවමංගල්‍යය නිවසකට ගොස් පැමිණෙමින් තිබු ත්‍රිරෝද රථයක් මෙම අනතුරට ලක්ව ඇති අතර ත්‍රිරෝද රථයේ රියදුරුට නින්දයාම අනතුරට හේතුවන්නට ඇති බවයි පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

ඔවුන් අවුරුදු 38 , 37 , 28 සහ 18 හැවිරිදි වියේ පසුවන කහටගස්දිගිලිය, බල්ලපාන, කොස්ගම හා වරංකහව යන ප්‍රදේශවල පදිංචිකරුවවෝ වෙති.

අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද වරකාපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.