සභානායක දිනේෂ් – ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත
මීලඟ පාර්ලිමේන්තුවේ සභානායක තනතුර සඳහා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හෙට (02) දිනයේ පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේය.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණ ගෙන ඇති බව වාර්තා වෙයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රෙය්දී පැවැත් වුණි.
එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා නම් කළ බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සදහන් කළේය.
මේ අතර අට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම හෙට(03) පෙ.ව 10.00 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.
