නව අගමැතිධුරයට එජාපයෙන් නම් තුනක්
නව අග්‍රාමාත්‍ය ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයින් තිදෙනෙකුගේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා ඉදිරිපත් කර ඇති බවට වාර්තාවනවා.
අග්‍රාමාත්‍යවරයා ලෙස යළි රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ඔහු සමග වැඩ කිරීමට තමා කිසිසේත් සුදානම් නොමැති බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි දුරටත් අවධාරණය කර තිබේ.
මේ කාරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ දීර්ඝ සහ පුළුල් සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසගේ හා ලක්ෂ්මන් කිරිඇල්ලගේ නම් යෝජනා වී ඇති බවට වාර්තාවනවා.
එක්සත් ජාතික පක්ෂයේ අවසරය ලැබෙනවා නම් අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනිමට මේ නායකයින් තිදෙනාම එකඟව ඇති බවටද වාර්තා වේ.