News

Update : පාර්ලිමේන්තුව 21 වැනිදා දක්වා කල්තබයි

පාර්ලිමේන්තුව තුළ හටගෙන ඇති උණුසුම්කාරී තත්ත්වයත් සමග කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව 21 වැනිදා පෙරවරු 10 දක්වා කල්තබා තිබෙනවා.

———————————————————————————————

දිලුම් අමුණුගමට තුවාලයි

ඇති වූ උණුසුම්කාරී තත්ත්වයත් සමග මන්තී‍්‍ර දිලුම් අමුණුගම මහතා තුවාල ලබා මේ වන විට පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.

———————————————————————————————

මහින්දගේ කතාව විශ්වාස නැහැ – කිරිඇල්ල

මහින්ද රාජපක්ෂ අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රකාශයෙන් අනතුරුව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් නැගී සිටිමින් කියා සිටියේ, මහින්ද රාජපක්ෂගේ අගමැතිවරයාගේ කතාව සම්බන්ධයෙන් විශ්වාසය් නොමැති බවයි.

මේ හේතුවෙන් නමින් ඡන්ද විමසීමක් සිදුකිරීමට ලක්ෂ්මන් කිරිඇල්ල මන්තී‍්‍රවරයා කථානායාකවරයාගෙන් ඉල්ලා සිටියා.

ඒත් සමගම ඇති වූ උණුසුම්කාරී වාතාවරණයක් ඇති වුණා.

මේ හේතුවෙන් කථානායකවරයා ඡන්ද විමසීම කටහඩින් විමසීමට තීරණය කළා.

නමුත් පාර්ලිමේන්තුව තුළ මේ වන විට නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බවයි දක්නට තිබෙන්නේ.

 

———————————————————————————————

අද මධ්‍යම රාතී‍්‍රයේ සිට ඉන්ධන මිල අඩුකරන ලෙස අගමැතිගෙන් යෝජනාවක්

අද මධ්‍යම රාතී‍්‍රයේ සිට ඉන්ධන මිල අඩුකරන ලෙසට යෝජනා කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී මීට සුළු වේලාවකට පෙර කියා සිටියා.

———————————————————————————————

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු අමතයි – පාර්ලිමේන්තුව උණුසුම්

මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වුණා.

ආරම්භයේ සිටම පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ඇතිව තිබෙනවා.

එම තත්ත්වයත් සමගම මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප‍්‍රකාශයක් මේ වන විට සිදුකරමින් සිටිනවා.

එහිදී ඔහු ජනාධිපතිවරයා යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීමට හේතුව පිළිබදව ද පැහැදිලි කළා.

වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තුවන්න…

———————————————————————————————

පාර්ලිමේන්තුව ආරම්භයේදීම උණුසුම්වෙයි

පාර්ලිමේන්තු මීට ටික වේලාවකට පෙර ආරම්භ කෙරුණා.

ආරම්භයේ සිටම මේ වන විට පාර්ලිමේන්තු සභාව තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන බවයි අප වාර්තාකරුවන් සදහන් කරන්නේ.

LIVE: Parliament resumes session todayඅද පාර්ලිමේන්තුව යලි රැස් වෙයි

Posted by Ada Derana News Live on Wednesday, November 14, 2018