News

වීසා නැතිව රැඳී සිටි 136ක් කොටු වෙති

වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශීය ජාතිකයන් 136 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා (5 වැනිදා) රාත්රී 10.00 සිට ඊයේ උදෑසන 6.00 දක්වා මුළු දිවයිනම ආවරණය වන පරිදි පොලිසිය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය පවසයි.

වැඩිම අනවසර සංක්රමණිකයන් ප්රමාණයක් වන 82ක් ඉන්දියානුවන්ය. දෙවනුව පකිස්තානුවන් ද තෙවනුව මාලදිවයින් ජාතිකයන්ද හඳුනාගෙන ඇත.

රටවල් 15ක පුද්ගලයන් 136 දෙනෙකු මෙලෙස වලංගු වීසා නොමැතිව සිටි බව අනාවරණය වී තිබේ.

ඉදිරියට අනවසරයෙන් මෙරට රැඳී සිටින සංක්රමණිකයන් සොයා මෙහෙයුම් ක්රියාත්මක කරන බව පොලිසිය පවසයි.

හේමන්ත ලියනපතිරණ
අජිත් පුෂ්පකුමාර – අම්බලන්තොට
එච්.එම්. සමන් – අක්මීමන