News

ශ්‍රී ලංකන් ගුවන් මුදල් කෑ ඩුබායි කප් එක වහයි

ශ්‍රී ලංකන් ගුවන් යානාවල ගමන් කරන මගීන් සඳහා ලබාදෙන කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් වතුර කොප්ප (Water Cup) ඩුබායි සමාගමකින් මිලදී ගැනීම ඇමැති ප්රසන්න රණතුංග විසින් අත්හිටුවා ඇත.

මෙම කුඩා ප්රමාණයේ ප්ලාස්ටික් වතුර කෝප්ප (Water Cup) මෙරට නිෂ්පාදනය නොකරන නිසා ශ්රී ලංකන් ගුවන් සමාගම මෙම ප්ලාස්ටික් වතුර කෝප්ප වතුර ද සමග මිලට ගෙන ඇත්තේ ඩුබායි සමාගමකිනි. මෙම වතුර සහිත ප්ලාස්ටික් කෝප්ප මිලියන 3ක් වසරකට ශ්රී ලංකන් සමාගම මිලදී ගනු ලබයි. ඒ එකක් ඩොලර් 7.80කටය. වසරකට දෙවරක් මෙම වතුර සහිත ප්ලාස්ටික් කප් මිලියන 3ක් ශ්රී ලංකන් ගුවන් සමාගම මිලට ගනියි.

නව රජයේ පරිසර හිතකාමි ප්රතිපත්තිය අනුව ශ්රී ලංකන් ගුවන් යානාවල ප්ලාස්ටික් කප් මින් ඉදිරියට භාවිත නොකිරීමටද තීරණය කර තිබේ. ඒ අනුව දේශීය සමාගමකින් සුදුසු කුඩා කෝප්ප සහ වතුර මිලදී ගෙන ගුවන් මගීන්ට ලබාදීමට නියමිතය.
ශ්රී ලංකන් සමාගමේ මිලදී ගැනීම්වලදී දේශීය කර්මාන්තකරුවන්ට ප්රමුඛතාව ලබාදෙන ලෙස කාර්මික අපනයනය, ආයෝජන ප්රවර්ධන, සංචාරක හා සිවිල් සේවා ඇමැති ප්රසන්න රණතුංග පසුගියදා උපදෙස් දී තිබිණි.