News

රට මුදා ගැනීමේ හැකියාව ජනපති ගෝඨාභය සතුයි

වර්තමානයේ රට පත්ව තිබෙන අර්බුදයෙන් මුදා ගැනීමේ හැකියාව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සතු බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී,අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ පවසති.

අර්බුද වලින් පිරී පැටලිලි සහගත තත්ත්වයට පත්ව තිබෙන රට එම තත්ත්නයෙන් මුදා ගැනීමට හැකි වෙතැයි විශ්වාසයක් ඇති වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධූරයට පත්වීම නිසා බවත් එම කටයුත්ත ජය ගැනීමට නම් ජනපතිවරයාට උඩුගං බලා පිහිනීමට සිදුවන බවත් උන්වහන්සේ කීහ.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (11) අස්ගිරි මහ පිරිවෙණට ගොස් ආනන්ද නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේ මේබව පැවසූහ.

දශක ගණනායක් පුරා රට ආපස්සට ගමන් ගත් බවත් මෙම තත්ත්වයෙන් රට මුදා ගැනීම පිණිස සැවොම කැප කිරීම් කළ යුතුව තිබෙන බවත් කී ආනන්ද නාහිමියෝ මෙම අභියෝග ජය ගැනීමේ ශක්තිය ජනපතිට තිබෙන බවද ජනතාව නව ජනපතිවරයා කෙරේ දැඩි විශ්වාශයක් තබා ඇති බවද අවධාරණය කළහ.

මෙම අවස්ථාවට රාජ්‍යය ඇමැතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල,මහින්දානන්ද අලුත්ගමගේ,ලොහාන් රත්වත්ත දිලුම් අමුණුගම යන මහත්වරුද සහභාගි වූහ.

කමල් සුරවීර මහනුවර