News

ජනපතිගේ ලිපියට කථානායකගෙන් පිළිතුරු ලිපියක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14) කථානායක කරු ජයසූරිය මහතා වෙත යොමු කළ ලිපියට අදාළව පිළිතුරු ලිපියක් කථානායකවරයා විසින් යොමු කර තිබෙනවා.

එම ලිපිය මගින් කථානායකවරයා ජනපතිට දැනුම් දී ඇත්තේ නොවැම්බර් 26 වන දා ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට රට දැඩි අස්ථාවර භාවයකට පත් වෙමින් තිබෙන බවයි.

ආර්ථිකය, ජන ජීවිතය, සංචාරකයින්ගේ පැමිණීම හා අන්තර්ජාතිකව ශ්‍රී ලංකාව ලබා තිබූ කීර්තිනාමය මෙන්ම ජනාධිපතිවරයාගේ ගෞරවය ද ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින බව කථානායකවරයා පෙන්වා දී තිබෙනවා.

කථානායකවරයා ජනපතිට යවන ලද ලිපිය පහතින් කියවන්න…