News

සම සෞඛ්‍ය විද්‍යා පීඨ සංකීර්ණය ස්ථාපිත කරනමෙන් ඉල්ලා රුහුණේ ශිෂ්‍යයින් පා ගමනක

රුහුණ විශ්ව විද්‍යාලීය සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ පා ගමනක් 14 දින ගාල්ලේදී පැවැත්විණි. සම සෞඛ්‍ය විද්‍යා පීඨ සංකීර්ණය ස්ථාපිත කිරීම මුලික කරගනිමින් මෙම පා ගමන සංවිධානය කර තිබිණි.

පාලකයිනි, ප්‍රතිපාදන වෙන්කර සම සෞඛ්‍ය විද්‍යා පීඨ සංකීර්ණය ස්ථාපිත කරනු, නිදහස් සෞඛ්‍ය සේවාව පුළුල් කරනු, සම සෞඛ්‍ය පීඨය සඳහා මානව සහ භෞතික සම්පත් වහා ලබාදෙනු, කල්මැරුවා ඇති හෙද පාඨමාලාව හෙද සභාව තුල ලියා පදිංචි කරණු යන ඉල්ලීම් මුල්කරගනිමින් මෙම පා ගමන ගාල්ල මහමෝදරින් ආරම්භවිය.

පා ගමන සඳහා සම සෞඛ්‍ය පීඨ විද්‍යා පීඨ සිසු සිසුවියෝ රැසක් එක්ව සිටියහ.