පෑළියගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට පැය 24ක ජල කප්පාදුවක්
අද පෙරවරු 8 සිට හෙට පෙරවරු 8 දක්වා පැය 24 ක් කාලයක් පෑළියගොඩ ඇතුළු ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය සඳහන් කරයි.
පෑලියගොඩ,වත්තල,මාබෝල නගර සභා බල ප්‍රදේශ, කැළණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හැඳල, ඇලකන්ද සහ පල්ලියවත්ත, බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මගුරුවිල පාර, විජේරාම මාවත, කේ.ඊ. පෙරේරා මාවත, ගෝනවල, පමුණුවිල සහ බතලහේනවත්ත යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවයි.
කැලණි ගඟ ඉවුර ජල ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ අත්‍යවශ්‍ය ඉදිකිරීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය සඳහන් කළේය.
