News

රාජිත සේනාරත්න රෝහලෙන් පිටව යයි

රෝහල්ගතව සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රතිකාර කටයුතු අවසන් කර රෝහලෙන් පිටව ගොස් ඇත.

හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය මස 26 වැනිදානාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක හෘද රෝග ඒකකයට ඇතුළත් කෙරිණ.

වෛද්‍ය නිර්දේශ මත ප්‍රතිකාර කටයුතු අවසන් කර හිටපු අමාත්‍යවරයා අද අලුයම රෝහලෙන් පිටත්ව ගිය බව
එම රෝහලේ කාර්ය භාර කළමනාකාරවරයා සඳහන් කළේය.