News

රන්ජන් එජාපයෙන් නෙරපයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කරයි.

ඒ සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකගත්වය ලැබුණු බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

ඒ මේ වන විට සිරිකොට පක්ෂ මුලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.