News

ලිප්ටන් වටරවුමේ එක්සත් ජාතික පෙරමුණේ විරෝධතාවයක් – අවට මාර්ග රැසක් අවහිරවෙයි

එක්සත් ජාතික පෙරමුණ විසින් සංවිධානය කරන ඇති යුක්තියේ ජන හඩ ජන රැළියට මේ වන විට ලිප්ටන් වටරවුම ඇතුළු ඒ අවට මාර්ගවල විශාල ජනකායක් සහභාගි වී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් ඇතුළු දේශපාලන රැසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටින බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

අද දහවල් ආරම්භ වූ මෙම රැළිය මේ වන විටත් පැවැත්වෙමින් තිබෙනවා.

මේ හේතුවෙන් ලිප්ටන් වටරවුම අවට මාර්ග රැසක රථ වාහන ධාවනයට ද බාධා එල්ල වී තිබෙනවා.

ඒ අවට අනෙකුත් මාර්ගවලද දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලීසිය ජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

එම ප‍්‍රදේශයේ කාර්යාලවල ද කටයුතු ද ඇණහිට ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.