News

නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් ඉදිරිපත් කිරිම අද සිට

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරිම අද සිට ආරම්භ වෙයි.

ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කළ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ලබන මස 16 වැනිදා දක්වා ඒ සඳහා අයදුම් කළ හැකි වන අතර නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කෙරෙන්නේ 2017 වසරෙන් පසුව වන අතර මේ වනවිට මෙරට පවතින පිළිගත් දේශපාලන පක්ෂ ගණන 70කි.