News

පැලවත්ත සීනි කර්මාන්ත ශාලාව නැවත පණ ගැන්වීමට ප්‍රමුඛත්වය ලබාදෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්තියට අනුව දේශීය කර්මාන්තය නගා සිටුවීමට සැලසුම්ගත වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබේ.

එහිදී දේශීය සීනි කර්මාන්තය නැවත ආර්ථික වශයෙන් පණ ගැන්වීමට ප්‍රමුඛතාව ලබාදී තිබේ.

ඒ අනුව වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂි කර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රදානත්වයෙන් විශේෂ නිරික්ෂණ චාරිකාවක් හා සේවක හමුවක් පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවේදී පැවත්විණි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සහ රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතාද එක්වූ අතර පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවේ ඉදිරි කටයුතු සදහා තීන්දු තීරණ රැසක් ගනු ලැබීය.