එජාප සියලු ආසන සංවිධායකවරුන් සජිත් හමුවීමට අද කොළඹට
එක්සත් ජාතික පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් අද කොළඹට කැඳවා ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන හමුවක් සඳහා මෙලෙස ආසන සංවිධායකවරුන් කැඳවා ඇත.
අද සවස 3.00ට පාර්ලිමේන්තු සංකිර්ණයේදි එම හමුව පැවැත්වීමට නියමිතව ඇති අතර ඉදිරි මහමැතිවරණය සඳහා පක්ෂයේ සූදානම ඇතුළු කරුණු පිළිබඳව එහිදී අවධානය යොමු කිරිමට නියමිතව ඇත.
