News

පළාත් කිහිපයකට වැසි තත්ත්වය වැඩිවෙයි

දිවයිනේ නිරිතදිග කොටසේත්, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත්, වැසි වාර කිහිපයක් ඇතිවන අතර, උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් සබරගමුව පළාතෙත්, කළුතර, ගාල්ල , මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවලත්, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75කට වැඩි, තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව ද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.