News

Update : ඩුබායි පාතාලයේ පිස්තෝල සමග අත්අඩංගුවට ගත් කුඩු ප්‍රමාණය කිලෝ 192 දක්වා ඉහළට

ඩුබායි හී ක්‍රියාත්මක වෙමින් ශ්‍රී ලංකාවට මහා පරිමානයෙන් මත්කුඩු හා ගිනි අවි සපයන පාතාල ක්‍රියාකාරිකයින් විසින් එවන ලද කුඩු කිලෝ ග්‍රරූම් 192ක් සමග විදේශයෙහි නිෂ්පාදිත පිස්තෝල 10ක් අද(30) උදෑසන හොරණ බණ්ඩාරගමදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙය මෙතෙක් දිවයිනේ වාර්තා වූ මේ ආකාරයේ විශාලතම ගිනි අවි හා මත්කුඩු වැටලීම වන අතර මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි., බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යටතේ ක්‍රිියාත්මක වූ අංහගම පොලිස් ස්ථානාධිපති පොලිසි පරීක්ෂක මංජුල ද සිල්වා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසිනි.

නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ලද තොරතුරක් මත අංහගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වා ඇතුළු පිරිසක් යොදා කළ දීර්ඝ කාලීන බුද්ධි මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙන් වැලිගමදී මත්කුඩු කිලෝ 15ක් සමග පිස්තෝලයක් අත්අඩංගුවට ගෙන තිබිණි. එහිදී අත්අඩංගුවට ගත් කාන්තාව හා ඇගේ සොහොයුරාගෙන් අනාවරනය වූ තොරතුරු මත අද දින හොරණ ප්‍රදේශයේ කුලියට ගත් නිවසක අල්මාරියේ සගවා තිබූ කුඩු කිලෝ 177ක් හා පිස්තෝල 10 සොයාගෙන ඇත.

ඩුබායි සිට ක්‍රියාත්මක වෙමින් ශ්‍රී ලංකාවට මත් කුඩු එවන මහාපරිමාන පාතාල ජාවාරම් කරුවන් ශ්‍රී ලංකාවට මත්කුඩු සමග පිස්තෝල එවන බව ‘අරුණ‘ පුවත්පත මගින් දිගින් දිගටම අනාවරණය කළේය.

අත්අඩංගුවට ගත් පිස්තෝල

වැටලූ නිවස

 

අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය

තිස්ස රවීන්ද්‍ර පෙරේරා