Uncategorized

Herbal Blooms වෙතින් නව නිපැයුම් පෙලක්

සුන්දර රූ සපුවකට හිමිකම් කියන්නට ලැබීම පොදුවේ අප සලකන්නේ ඉමහත් භාග්‍යයක් ලෙස ය. රූමත්කම යනු නිරෝගී සෞඛ්‍ය හා දීප්තිමත් පෙනුමින් යුතු පැහැපත් සමයි. රූමත් පෙනුමක් හිමි කර ගැනීමට නම් සිරුර අභ්‍යන්තරයට ලබා දෙන පෝෂ්‍යදායී ආහාර මෙන්ම බාහිරින් සමට ගල්වන ආලේපන සහ ෂැම්පු, බොඩි වොෂ් ආදී වශයෙන් වන සේදුම්කාරක ද ඉතාමත් වැදගත් වෙයි.

සමට ගල්වන ආලේපන සහ සේදුම්කාරක මගින් සමට සහ සිරුරට ලැබෙන මෙහෙය පිළිබඳ දැනුවත් භාවයකින් යුතුව ආලේපන මිලදී ගැනීමට උත්සාහ දරන්න.

ඉස්සොරි වර්තමානයේ වැඩිහිටියන් මෙන්ම ළමයින් ද පෙළෙන ගැටලුවකි. එසේම අද වැඩි දෙනෙක් අකලට හිසකෙස් ගැල වී යාමේ ගැටලුවෙන් ද පීඩා විදිති.

හිස කෙස් සමට සවි වී තිබෙන්නේ කේශ මූලයෙනි. මෙම කේශ මූලය සමට හොඳින් සවි වී ඇත්නම් හිස කෙස් ගැල වී යාම වැළකේ. හිසකෙස් මෙසේ හෙඳින් සවි වී පැවතීමට කෙස් මූලයට රුධිර සැපයුමක් තිබිය යුතුය. එවිට කේශ මූල වර්ධනයට අවශ්‍ය පෝෂණය සහ ඔක්සිජන් ලැබේ.

හිස කෙස් ගැලවී යාම කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටද තිබෙන ගැටලුවකි. ඒ සදහා නියම සහ එකම විසදුම Herbal Blooms Hair Growth Cream ය. පැලයක පස බුරුල් කර හොඳින් මුල් වර්ධනය වීමට ඉඩ සලසා දෙන අයුරින් හිස කෙස්වලට ද මනා රුධිර සැපයුමක් සහ වඩා හොඳ පෝෂණයක් ලබා දිය යුතු වේ. එලෙසින්ම තෙතමනය ද අවශ්‍යය. Herbal Blooms Hair Growth Creamවල රුධිර සැපයුම වැඩි කිරීම සඳහා ස්වභාවික ශාක සාරවලින් ලබා ගන්නා විවිඩින් (Vividine), පැය 72 ක කාලයක් තෙතමනය ආරක්ෂා කර දෙන පෙන්ටාවිටින්, විටමින් E සහ ග්ලිසරින් අඩංගු ය.

තවදල නිය නිතර කැඩී යාම, අව පැහැ වීම, නියපොතු නරක් වීම වැනි තත්ත්වයන්ට බොහෝ විට හේතු වන්නේ දිලීර ආසාදනයන් ය. තෙතමනය හෝ මඳ උණුසුම නිය අතර නිතර පැවතීම මෙයට බලපායි. මෙම දිලීර ආසාදන නිය මතු පිට, නියපොතු වටේට මෙන්ම නිය අභ්‍යන්තරයෙන්ද ඇති විය හැකිය. නියවලට අවශ්‍ය පෝෂණය නොලැබීම සහ නිය වලට හානි සිදු වීම මත දිලීර වර්ග ඉතා පහසුවෙන් නියපොතු ආක්‍රමණය කරයි.

කුමන හේතුවක් මත වුවද, නිය පොතු ආශ්‍රිත රෝග ඇති වුවහොත් Herbal Blooms Nail Cream වලින් සහනය ලබා ගත හැකි වේ.