කොළඹ මාර්ග ගණනාවක් හෙට උදේ 7 සිට වැසෙයි
නිදහස් මාවත, විද්‍යා මාවත, මෙට්ලන්ඩ් පෙදස, කන්නංගර මාවත, මාකස් ප්‍රනාන්දු මාවත, පදනම් පාර, විජේරාම පාර හෝටන් පෙදෙස දක්වා හෙට(3) උදැසන 7 සිට දහවල් 12 දක්වා වසා තබන බව පොලිසිය කියයි.
72 වැනි නිදහස් දින පුහුණු වීම් කටයුතු කොළඹ නිදහස් චතුරශ්රෙයේ පැවැත්වෙන බැවින් මෙසේ මාර්ග වසා තැබෙන අතර විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර නිදහස් දින පුහුණු වීම් හේතුවෙන් කොළඹ රාජකීය විද්‍යාලය, ඩී. ඇස්. සේනානායක විද්‍යාලය, ශාන්ත බ්‍රිජඩ් කන්‍යාරාමය, කාන්තා විද්‍යාලය සහ කොළඹ ජාත්‍යන්තර පාසල ද හෙට දින වසා තැබීමට පියවර ගෙන ඇත.
