News

රුසියානු භූමි මෙහෙයුම් ප්‍රධානී ජනරාල් යුකෝව් දිවයිනට

රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සල් යුකෝව් මහතා අද (3) උදෑසන දිවයිනට පැමිණියේය.

ජනරාල්වරයා සමඟ තවත් උසස් හමුදා ප්‍රධානීන් සිව් දෙනෙකු පස් දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මෙම පිරිස අද (3) උදෑසන 8.35 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායකට පැමිණියේය.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුව රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී මෙරටට පැමිණෙන බව යුද හමුදා මූලස්ථානය සඳහන් කළේය.

මොවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා ඇතුළු උසස් හමුදා නිලධාරීන් රැසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

ජෙනරාල් ඔලෙග් සල්‍ යුකෝව් මහතා හෙට (4) පැවැත්වෙන 72 වැනි නිදහස් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වීමට නියමිතය.