News

චීන දරුවා හා ගුවන් සේවිකාවන් දෙදෙනා මීගමුවෙන් I.D.H යවයි

කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැකපිට මීගමුව රෝහලේ සිටි ගුවන් සේවිකාවන් දෙදෙනකු සහ චීන දැරියක අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කර යැවූ බව මීගමුව රෝහලේ අධ්‍යක්ෂිකා ඊයේ (3 වැනිදා) පැවැසුවාය. කොරෝනා වෛරසය ශරීරගතවී ඇති බවට සැක කරන රෝගීන් විසි දෙනෙකු (20) රෝහල් වල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි. අංගොඩ ජාතික බෝ නොවන රෝග විද්‍යාතනයේ රෝගීන් පස් දෙනෙකු ප්‍රතිකාර ලබති.

රේමන් අපෝන්සු – මීගමුව