චීනයේ සිටින තවත් ශ්රී ලාංකික සිසුන් දසදෙනෙකු අද දිවයිනට
චීනයේ පැතිරයන කොරෝනා වෛරසය රෝගී තත්ත්වය හේතුවෙන් එහි රැඳිසිටි තවත් ශ්රී ලාංකික සිසුන් දසදෙනෙකු අද (04) දිවයිනට පැමිණීමට නියමිතයි.
බීජිංහි ශ්රී ලංකා තානාපති කාර්යාලය සදහන් කළේ එම සිසුන් අද (04) රාත්රීයේ ශ්රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.
චීනයේ සිට මේ වන විට ශ්රී ලාංකික සිසුන් 717දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
