ජනාධිපතිවරණයට නවතා දැමූ භාෂා පුහුණුව නැවත අරඹන්න
ජනාධිපතිවරණය හේතුවෙන් අතරමග නවතා දැමූ භාෂා පුහුණු ගුරුවරුන්ගේ පුහුණුව නැවත ආරම්භ කරන ලෙස රජයට බලකරමින් පැවැත්වුූ උද්ගෝෂණයක් අද(06)මාකුඹුර භාෂා පුහුණු මධ්‍යස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි.
පසුගිය රජය මගින් භාෂා පුහුණුගුරුවරුන්ගේ පුහුණුව සදහා බදවාගෙන ඉකුත් 2019 සැප්තැම්බර් මාසයේ භාෂා පුහුණු ගුරුවරුන් 1300කට පත්වීම් පසුගිය රජය මගින් ලබාදී ඇති අතර එම පිරිස මාස 6ක පුහුණුව සදහා මාකුඹුර භාෂා පුහුණු මධ්‍යස්ථානයට යොමුකර ඇත.
ජනාධිපතිවරණයට දින දෙකකට පෙර නිවාඩු ලබාදී නැවත දින දෙකකින් ආරම්භ කරන බවට රාජ්‍ය භාෂා පුහුනු මධ්‍යස්ථානය මගින් ඔවුන්ට දන්වා තිබුණත් තවමත් පුහුණුව ආරම්භ නොකිරීම නිසා එම පුහුණුව ලැබූ 1300ක පමණ පිරිසක් අතරමං වී ඇතැයි ඔවුන් පවසති.
ඩී.එම්එ.ස් ප්‍රියලාල්
ඡායාරූප නිපුන් වීරසිංහ

