අනාගත පරපුරට ආඩම්බර විය හැකි රටක් ගොඩනැගීමට කැපවන බවට ජනපතිගෙන් ප්‍රතිඥා
අනාගත පරපුරට මේ අපේ මවුබිම යැයි ආඩම්බරයෙන් කිව හැකි රටක් ගොඩනැගීමට කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
රට ගොඩනැගීමට තමාට පැහැදිළි දැක්මක් තිබේ. එය තම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ජනතාවට ඉදිරිපත් කර ඇති බව පෙරේදා (07) පස්වරුවේ කොළඹ දී පැවති ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය හමුවේ දී ජනාධිපතිතුමා සඳහන් කළේය.
ආනන්ද විද්‍යාලයීය සත් මහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමට සමගාමීව විද්‍යාලයෙන් බිහි වූ ප්‍රථම සහ එකම විධායක ජනාධිපතිවරයා පිළිගැනීමට හමුව සංවිධාන කර තිබිණ.
“ආනන්දය හැමදාමත් රටට ආදරය කරන ලෙස සිසුන්ට ඉගැන්වූ පාසලක්. පරම්පරාවෙන් පරම්පරාවට දේශප්‍රේමි පුතුන් බිහිකළ පාසැලක්. වර්තමානයේ ජාතියේ නායකයින් ලෙස හොඳින් රට ඉදිරියට ගෙන යාමට
හැකි වී ඇත්තේ ආනන්ද විදුහල් මාතාව ලබා දුන් ශක්තිය නිසා” යැයි ද ජනාධිපතිතුමා කියා සිටියේය.


