News

එජාප නායකකම වසර 3කින් අත් හරිනවා – රනිල් කියයි

තමන් තව වසර තුනකින් නායකත්වයෙන් ඉවත් වන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පෙරමුණේ නායකත්ව මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. 2019 වසරේ මහමැතිවරණයක් පැවතියහොත් ඊට නායකත්වය දීමට තමන් සූදානම් බවද පවසා ඇත.

කෙසේ වෙතත් 2020දී ජනපතිවරණය පැවැත්වීමට නියමිත අතර ඊට ඉදිරිපත් වීමට රනිල් වික්‍රමසිංහ සැලසුම් කර ඇති නිසා නායකත්වයෙන් ඉවත්වීමට තව වසර තුනක් ගත වන බව පවසා අැතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම නායකත්ව මණ්ඩලයට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් දහඅට දෙනකු සිටින බව වාර්තා වේ.