News

කෝටි 02කට අධික හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් කිලෝග්‍රෑම් දෙකකට අසන්න හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු කොටහේන ප්‍රදේශයෙදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත සැකකරු වයස අවුරුදු 33ක් වන කොළඹ 14 පදිංචිකරුවෙකු වන අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.