News

සහරාගෙන් ආයුධ පුහුණුව ලැබුවායි අත්අඩංගුවට ගත් 61 දෙනා රක්ෂිත බන්ධනාගාරයට

පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසු ජාතික තව්හිඩ් ජමාත් සංවිධානය සමග සම්බන්ධතාවයක් ඇති බවට අත්අඩංගුවට ගත් 61 දෙනෙකු රක්ෂිත බන්ධනාගත කිරිම පෙබරවාරි මස 28 වැනි දා දක්වා දීර්ඝ කෙරේ.

නුවරඑළියෙහි ජාතික තව්හිඩ් ජමාත් මූලස්ථානයේ ආයුධ පුහුණු ලැබූවායැයි සැකපිට අත්අඩංගුවට ගත් කාත්තාන්කුඩි පදිංචිකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු කරන ලද විමර්ශන අනුව මොවුන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

අද(11) මඩකලපුව දිස්ත්‍රික්ක වැඩබලන මහේස්ත්‍රාත් එස් තියාගේස්වරන් ඉදිරියට ඉදිරිපත් කිරීමෙන් ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් නියෝග කරන ලදි.

 

චමින්ද සේනාරත්න