හලාවතදී මුදල් පසුම්බියක් සොරා ගත් කාන්තාව අත්අඩංගුවට
කුරුණෑගල සිට විනෝද චාරිකාවක් පැමිණි කාන්තාවක් හලාවත නගරයේ ආපන ශාලාවක් තුළ මේසයක් මත ව්‍යාපාරිකයෙකුට අමතක වී ගිය මුදල් පසුම්බියක් සොරා ගැනීමේ චෝදනාව මත හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් 17 වැනිදා සවස මෙම සොරකම සිදුවී ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇය විසින් සොරකම් කරන ලද බව කියන මුදල් පසුමිබියේ රුපියල් 1,48,000 ක මුදලක් තිබී ඇත.
මුන්දලම – උඩප්පුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු අවශ්‍යතාවයක් සදහා 17 වැනිදා හලාවත නගරයට පැමිණ ඇත.තම කටයුතු නිමා කර ආපසු යාමට පෙර ඔහු හලාවත නගරයේ පිහිටි ආපන ශාලාවකින් තේ පානය කර ඇත.තේ පානය කර ඔහු පිටත්ව ගොස් ඇත්තේ තමන්ට අයත් මුදල් පසුම්බිය ආපන ශාලාවේ මේසය මත අමතක කරමිනි.
අතර මගදී තම මුදල් පසුම්බිය සම්බන්ධයෙන් විමසිලිමත් වන විට එය අතුරුදහන්වී ඇති බව ව්‍යාපාරිකයා වටහා ගෙන ඇත.කඩිනමින් තමා තේ පානය කළ ආපන ශාලාවට පැමිණ බැළුවත් එය ඒ වන විටත් අතුරුදහන්වී තිබී ඇත.ආපන ශාලාවේ ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කර බැලීමට ව්‍යාපාරිකයා අනතුරුව කටයුතු කර ඇත.කිසියම් කාන්තාවක් මේසය මත තිබූ මුදල් පසුම්බිය වංචා සහගත ලෙස ලබා ගෙන වාහනයකින් පිටත්ව යන ආකාරය ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වී තිබී ඇත.