අඩුවන ඉන්ධන මිලෙහි වාසිය ජනතාවට දෙනවා -ඇමති මහින්ද අමරවීර
ලෝක වෙළඳපොලේ පහළ යන ඉන්ධන මිලෙහි වාසිය ඉදිරියේදී ජනතාවට ලබා දෙන බව මගී ප්‍රවාහන කළමණාකරන හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ගම්පහ ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් පසුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ලෝක වෙළඳපොලෙහි ඉන්ධන මිලෙහි සුලු අඩු වීමක් පවතින බවයි මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.
පසුගිය මාස කිහිපය තුල ඉන්ධන මිල වැඩි කිරිමට සිදුවු තිබුණ ද ජනතාවට සිදුවන අපහසුතාවන් පිළිබද සැලකිල්ලට ගෙන එය සිදු නොකල බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය
