වාහන බලපත්‍ර ගැනීම සබරගමුවට වෙනස් ඇයි ?
වාහන බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදය අනෙකුත් පලාත් වලට වඩා සබරගමුවේ වෙනස් වන්නේ ඇයි දැයි ප්‍රාදේශීය සභා මන්ත්‍රී (එ.ජ.නි.ස) ජී.යු.පී. තිලකරත්න මහතා පසුගියදා රඹුක්කන ප්‍රාදේශීය සභාවේ මහා සභා රැස්වීමේදී යෝජනාවක් ඉදිරිපත් කරමින් ප්‍රශ්න කලේය .
වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී හා අලුත් කිරීමේ දී වෙනත් පළාත් සභා වලට වඩා සබරගමුව සභාව පළාත් තුළ එය ලබා දෙන ආකාරයට ජනතාව දැඩි අපහසුතාවයට පත්වන බවත් සබරගමු පළාත තුළ අනෙක් පළාත්වල මෙන් අපහසුතාවකින් තොරව මෙම මෙම කාර්යය ඉටුකර ගැනීමට හැකිවන පරිදි අදාළ අමාත්‍යාංශයට දැන්වීම සඳහා යෝජනාවක් හැටියට ඉදිරිපත් කරන බව තිලකරත්න මහතා පැවසීය.
වාහන වෙනත් අයෙකුට පැවරූ පසු ඒ පළමු වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීම සඳහා රත්නපුර පළාත් සභාවේ මෝටර් රථ බලපත්‍ර අංශයෙන් ගත යුතු ය.
අනෙක් පළාත් සභාවල මේ ක්‍රමවේදය භාවිතා නොවන බවත් මහජනතාවට දැඩි අපහසු තාවට පත් කරන මෙම ක්‍රියාවලිය අනෙක් පළාත් සභාවල මෙන් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස මන්ත්‍රී වරයා තවදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට රඹුක්කන ප්‍රාදේශීය සභාවේ සභාපති අතුල හඳගම මහතා පැවසුවේ මේ පිළිබඳ සොයා බලා සබරගමු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සමග සාකච්ඡා කර මෙම ප්‍රශ්න විසඳීමට කටයුතු කරන බවයි.
රුවන් වර්ණසූරිය
