දේශපාලකයින් ජනාධිපතුතුමාව ජාතිවාදියෙකු ලෙස පෙන්වීමට උත්සහ කරනවා – මුසම්මිල් කියයි
ඇතැම් අවස්ථාවාදී දේශපාලකයන් විසින් ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහාතා ජනතාවට ජාතිවාදියෙකු ලෙස පෙන්වීමට උත්සහා දරන බව වයඹ ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් පවසයි.
ඔහු මේ බව පැවසුවේ කුරුණෑගල සිංහල හා මුස්ලිමි ව්‍යාපාරිකයින් පිරිසක් සමඟ පසුගියදා කුරුණෑගල නගරයේ පැවති හමුවකදීය.
එහිදී ආණ්ඩුකාර වරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.
“පසුගිය සමයේ මුස්ලිමි නායකයින් යැයි කියාගන්නා පිරිසක් සුදු වෑන් කථා කියලා මුස්ලිම් ජනතාව බියගැන්වුවා,තම තමන්ගේ දේශපාලන වාසි සදහා.ඔවුන් දේශපාලන මුස්ලිම් නායකයින් නෙමෙයි,ඒ අය මුස්ලිම් දේශපාලන වෙළෙන්දෝ.මමත් හිට්ය අවුරුදු හතර හමාරක් කොළඹ නගරාධිපති හැටියට,ඒ කාලේ නගර සභාවේ කිසිදු දුෂණයක් සිදුවුන් නෑ,කුනු ප්‍රශ්න නෑ, ඒ මග පෙන්වීම ලැබුණේ ගොඨාභය රාජපක්ෂ මහාතාගෙන්.
ඒ වගේම තමයි අදත්, ඔහු අද ජනාධිපති ඒ විශ්වාසය අදටත් තියනවා.ඔහුගේ මගපෙවීමෙන් එදා කොළඹ නගරය ආසියාවේ දියුණුම නගරයක් හැටියට සංවර්ධනය කළා.අද මේ ආණ්ඩුව රට මෙහෙයවන විදියට අවුරුදු පහක් නෙමේ ඉදිරියට තව අවුරුදු දහායක් අගමැති තුමාටයි ජනාධිපති තුමාටයි රට පාලනය කරන්න පුළුවන් කියන විශ්වාසය ජනතාවට ලබාදීල තියෙන්නේ”යැයි පැවසීය.
මෙහිදී එක්සත් ජාතික පක්ෂය මාවතගම ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක මොහොමඩ් රිෆාල් ඉදිරි මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීම සඳහා සහාය දැක්වීමට එක්විය.
මෙම අවස්ථාවට වයඹ පළාත් අධිකරණ සංඝනායක රැකව ශ්‍රී ජිනරතන නායක හිමියන්, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව , ඉබ්බාගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති යු.කේ සුමිත් , කුරුණෑගල ප්‍රාදේශිය සභාවේ සභාපති අචල නිමන්ත , වයඹ පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය නීතිඥ අතුල විජේසිංහ ඇතුළු මහජන නියෝජියින් පිරිසක් හා නගරයේ ව්‍යාපාරිකයින් පිරිසක් එක්ව සිටියහ.
ආසිරි බණ්ඩාර
