රනිල් කැමති වුනොත් අලියාගෙන් නැත්තම් හංසයාගෙන් ඡන්දෙට
රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධීකාරි මණ්ඩලය කැමැත්ත ලබාදුනහොත් ඉදිරි මහ මැතිවරණය සදහා අලියා ලකුණෙන් තරඟ කරන බවත් කැමැත්ත නොලැබුනහොත් හංසයා ලකුණෙන් තරඟ කරන බවත් හිටපු අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමති වී .රාධා ක්‍රිශ්ණන් මහතා පවසයි.
මන්ත්‍රිවරයා එසේ පැවසුවේ ඊයේ (15) වන දා තලවාකැලේ- ඩයගම ප්‍රදේශයේ එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසකගේ හමුවකින් පසු මාධ්‍යය ට අදහස් දක්වමින්ය.
එහිදි වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසිය.
එක්සත් ජාතික පක්ෂයේ තිබුන ගැටළු ප්‍රශ්න මේ වන විට නිමාවට පත්වෙලා තියෙන්නේ.ඉදිරි දින කිපය තුලදි එම තත්ත්වය සම්පුර්ණයෙන්ම නිරාකරණය වෙයි.ඉන් අනතුරුව එකම හඩකින් මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙනවා.
අලියා නැත්නම් හංසයා ලාංඡනයෙන් තමයි ඉදිරිපත් වෙන්න දැනට සාකච්චා කරලා තියෙන්නේ.හදවත ලාංඡනය අවශ්‍ය වෙන්නේ තනිවම ඉදිරිපත් වෙනවනම් විතරයි.
චන්දන ජයවීර
