News

සීනි සේවකයන්ගේ පඩි ගෙවන්න කෝටියක් ඉල්ලයි

වසර ගණනාවක් තිස්සේ වසා දමා ඇති කන්තලේ සීනි සමාගමේ සේවය කළ 34 දෙනකුගේ වැටුප් ගෙවීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ආණ්ඩුවෙන් රුපියල් කෝටියක මුදලක් ඉල්ලා ඇත.

වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ ඇමැති මණ්ඩල අනුමැතිය ඉල්ලා සංදේශයක් යොමු කර ඇත.

කන්තලේ සීනි සමාගමේ සේවකයන්ට ඉකුත් වසරේ සැත්තැම්බර් සිට දෙසැම්බර් දක්වා වැටුප් ගෙවීමට රුපියල් ලක්ෂ 40ක පමණ මුදලක්ද ඉල්ලා තිබේ.

කන්තලේ සීනි සමාගම ආයෝජකයකුට ලබාදෙන තෙක් මෙම සේවකයන් එහි රඳවා තැබීමටද තීරණයකර ඇත.

ඒ පිළිබඳ සොයා බැලීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් පසුගියදා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වූවාය.

 

උදයජීව ඒකනායක