News

ධර්මාචාර්ය සමතුන් ගුරු සේවයට බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ කල්යයි

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල ආගමික විෂයයන් ඉගැන්වීම සඳහා පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-II ශ්‍රේණියට ධර්මාචාර්ය විභාගය සමතුන් බඳවා ගැනීම වෙනුවෙන් නියමිත ව තිබූ සම්මුඛ පරීක්ෂණ 2020-02-24 සිට 2020-03-02 දින දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.

එහෙත් නොවැළැක්විය හෙතුවක් මත මෙම සම්මුඛ පරීක්ෂණ කල් දැමීමට සිදුව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

නැවත මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය ඉදිරියේ දී දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.