පාර්ලිමේන්තුව විසුරුවා හරින දවස මම දන්නවා
වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනය පිළිබදව හෙළිදරව්වක් අද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් සිදුකළේය.
ඒ අද (18) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මාර්තු මස 2 වනදා සිට 6 වනදා දක්වා කාලය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බවයි.
පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනය පිළිබදව තමන් දන්නා බවත්, එය මාධ්‍යයට ප්‍රකාශ කළ නොහැකි බව ද ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.