News

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අවසන්

අද පෙරවරුවේ රැස්වු එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම මීට සුලු මොහොතකට පෙර අවසන් වී තිඛේ.

සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද පෙරවරු 10 ට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සමගි ජන බලවේගය යටත් නව සන්ධානයකින් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සහ එහි ලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනිමට පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය මෙලෙස රැස්විය.

මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැත්වීමට නියමිතයි.