News

රාජපක්ෂලාව විකුණන හැටි ලබන සතියේ ඉදලා බලන්න පුලුවන් – දයාසිරි

ජනාධිපතිවරණයේදී මෙන්ම ඉරිදි මහ මැතිවරණය ජය ගැනිමට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය වඩාත් වැදගත් වන බව පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

හෝමාගම ඊයේ (20) පැවති උත්සවයකට එක්වෙිමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතා විසින් තම පක්ෂය නැවත මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාර දී ඇති බවයි.

ජනාධිපතිවරණය ජය ගැනිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා දුන් සහය ඇතමුන්ට නොතේරෙන බව දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මනාප සටන ලබන සතියේ සිට ආරම්භ වන බවත් එහිදී මහින්ද මහතා සහ ජනාධිපතිවරයාගේ නම පවසමින් ඔවුන් විකුණා දමන බවද ඒ මහතා සඳහන් කලේය