News

ඉල්ලා අස්කර ගන්නා යෝජනා ගැන රජය මානව හිමිකම් කවුන්සලයට දැනුම් දෙයි

ජිනිවා යෝජනාව පිළිබද රජයේ තීරණය මානව හිමිකම් කවුන්සිලය වෙත දැනුම් දී තිඛේ.

ශ්‍රී ලංකාවේ සංහිදියාව / වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරිම පිළිබද අදාල යෝජනාව ඉල්ලා අස්කර ගන්නා බවයි ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දී ඇත්තේ. විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා විසින් රජයේ එම තීරණය එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත දැනුම් දී ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය හෙට ආරම්භ වීමට නියමිතයි. ලබන මාර්තු 20 වනදා දක්වා පැවැත්වෙන අදාල සැසියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය කරුණු දැක්වීමට නියමිතව තිඛේ.