News

ජනතාව හැමදාම පැරදිලා පාලකයෝ හැමදාම දිනලා

ජනතාව ආණ්ඩු පෙරලුවාට වැඩක් නැහැ ජනතාව ආණ්ඩු පෙරලල බලාපොරොත්තු වෙනවා මේ හොරකම් කරන නඩේ පෙරලන්න හැබැයි ඒ අය පෙරලෙන්නේ නැහැ හැලිය අනික් පැත්ත හැරෙව්වත් ඒ අය හැලිය උඩ ඉන්නවා ජනතාව හැමදාම පැරදිලා පාලකයෝ හැමදාම දිනලා යැයි ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා පැවැසීය

ඒ මහතා එසේ කියා සිටියේ පෙරේදා (22) ත්‍රිකුණාමලය මධ්‍යම බස් නැවතුම් පල අසල පැවැති ජාතික ජන බලවේගයේ ජන හමුවකට එක් වෙමිනි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ කියා සිටියේය.

මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ පාලනය මාස තුනක් ගතව ගිහින් තියෙනවා ‍මාස තුනක් ගතවූ මේ පාලනය මොකක්ද ජනතාවට පෙන්වා තියෙන්නේ 72 දෙවසරක් මේ රට පාලනය කල අනික් හැම පාලකයකු වගේම රටේ ජනතාව රට්ටලා ඡන්දෙ ගත්තා රටේ ජනතාවගේ බලාපොරොත්තු  ඉෂ්ඨ කරන්න පුළුවන් කියන ස්ථාවරය හදලා නැහැ