හිටපු ඇමති අර්ජුණගේ ආරක්ෂක නිලධාරියා ලබන 23තෙක් යලි බන්ධනාගාර ගත කරයි
ඛනිජ තෙල් නීතිගත සංස්ථා මුලස්ථානයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්න්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටි අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියා මෙම මස 23 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි.
පසුගිය 28වනදා හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා බ්කනිජ තෙල් නීතිගත සංස්ථා මුලස්ථානයට පැමිණි අවස්ථාවේ ඇති වූ උණුසුම්කාරී තත්වය අතරතුර ඔහුගේ ආරක්ෂක නිලධාරියා සිදුකළා යයි කියන වෙඩි තැබීම හේතුවෙන් 31 හැවිරිදි එක් දරු පියෙකු ජිවිතක්ෂයට පත්වූ අතර හිටපු අමාත්‍යවරයාට එම සිද්දිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත නිදහස් කෙරුණා.