මියගිය හූනෙකු සමඟ ආහාරදීම හේතුවෙන් පාසල් දරුවන් 36 දෙනෙකු රෝහලේ
මුලතිව්, වන්නිවිලාන්කුලම විද්‍යාලයේ දරුවන්ට ඊයේ (19) ලබාදුන් ආහාර විෂවීමකින් පාසල් දරුවන් 36 දෙනෙකු රෝහල්ගත කොට ඇති බව මාන්කුලම රෝහල් ආරංචි මාර්ග පවසයි.
රෝහල් ආරංචිමාර්ග පැවසූවේ මුලතිව්,තුනුක්කායි,වන්නිවිලාන්කුලම ප්‍රදේශයේ විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් ලබාදුන් දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව දරුවන් වෙත අසාත්මිකතා ඇතිවීමෙන් අනතුරුව දරුවන් රෝහල්ගත කොට ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම ප්‍රදේශවාසීන්ගෙන් විමසීමේදී පැවසූවේ දරුවෙකු වෙත ලබාදුන් දිවා ආහාරය තුළ මියගිය හූනෙකුගේ ශරිර කොටස් තිබීමෙන් අනතුරු විද්‍යාලයේ විදුහල්පති දරුවන්ට අසාත්මිකතා ඇතිවේයැයි බිය වි ආහාර ලබාගත් දරුවන් සියළුදෙනා රෝහල්ගත කොට ඇති බවයි.
රෝහල්ගත කළ දරුවන්ගේ තත්වය බරපතල නොවන අතර,දරුවන් පිරිසක් ඊයේ(19) දිනයේම ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව පිටත්ව ගොස් ඇති බවද රෝහල් ආරංචි මාර්ග පැවසූහ.
රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසූවේ දරුවන් කිහිප දෙනෙකු තවදුරටත් රොහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.
ප්‍රදේශවාසීන් පැවසූවේ විද්‍යාලයේ දරුවන් වෙත දිවා ආහාරය ලබාදුන් පුද්ගලයින් සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණිළි කොට ඇති බවයි.