News

මාලදිවයිනේ සිට මෙහෙයවු හෙරොයින් ජාවාරමේ සුලමුල හෙලිවෙයි

හෙරොයින් කිලෝ 4 ක් සමග මාලදිවයින් ජාතිකයන් තිදෙනෙකු අතුලු සැකකරුවන් 6 දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිඛේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති මාලදිවයින් ජාතිකයින් තිදෙනාගෙන් එක් අයෙකුගේ මව ශ්‍රී ලාංකික කාන්තාවක් වන අතර ශ්‍රී ලාංකික සැකකරුවන් නුගේගොඩ දෙහිවල පිළියන්දල පදිංචිකරුවෝ වෙති.

සංචාරක වීසා මත කිහිපවිටක් මාලදිවයින් ජාතිකයින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව විමර්ශන වලදී හෙලිව තිඛේ.

මෙම හෙරොයින් ජාවාරම් ජාලයේ ප්‍රධාන ජාවාරම්කරු මාලදිවයිනේ සිට මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට කරුණු අනාවරණ වී ඇත.

හෙරොයින් ප්‍රවාහනයට යොදා ගත් මෝටර් රථ දෙකක් ද පොලිස් භාරයට ගෙන තිඛේ. මෙම ජාවාරම් ජාලයේ ප්‍රධාන සැකකරු සොයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

හේමන්ත ලියනපතිරණ